විපතට පත්වූවන්ට 50000 දීමනාව අද සිට- සිද්ධිය ගැන හමුදාවේ 30කගෙන් ප්‍රකාශ

Monday, 13 June 2016 - 7:50

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+50000+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7-+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+30%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81
කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් විපතට පත්වූවන්ට රුපියල් පනස් දහසක දීමනාවක් ගෙවීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි.

විපතට පත්වූවන් පිළිබඳ තක්සේරු වාර්තාව අද දිනයේ ලැබීමට නියමිත අතර ඒ අනුව මෙම දීමනාව ගෙවීම සිදුකරන බව සීතාවක ප්‍රාදේශීය ලේකම් HMSK  බණ්ඩාර සඳහන් කළා.

තම නිවාස යළි සකස් කර ඒවායේ පදිංචිවන තුරු අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි රජය ප්‍රකාශ කළේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ විනාශයට පත්වූ සාලාව කඳවුරු භූමිය සහ ඒ අවට ප්‍රදේශය නිරීක්ෂණය කළා.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පිපිරීමෙන් හානියට පත්වූවන්ට සහන සැළසීම සඳහා මුදල් නොමැති බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශයන්හි සත්‍යතාවක් නොමැති බවයි.

පසුගිය ඉරිදා මෙම පිපිරීම සිදුවුණේ සාලාව යුද හමුදා කදවුර සහ අවට නිවාස රැසක් විනාශයට පත් කරමින්.

පිපිරීමෙන් නිවාස 300ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

පිපිරීමෙන් හානි වූ නිවාස 360ක් මේ වන විට තක්සේරු කර අවසන්.

තවත් නිවාස 419ක් ඉදිරි දින දෙක තුළ තක්සේරු කර අවසන් කිරීමට නියමිතයි. එමෙන්ම විනාශ වූ ස්ථානවලට විදුලි සැපයුම නැවත ලබාදීමේදී ගාස්තු අය නොකිරීමට ද තීරණය වී තිබෙනවා.

ගාස්තු නොගෙවා ඉතිරි වූ හිඟ බිල්පත් සඳහා මාස 6ක සහන කාලයක් ලබාදීමටත් තිබූ ස්ථාවර දුරකථන අංකයටම CDMA දුරකථන ලබාදීමටත් තීරණය කළ බවයි ස්වදේශ කටයුත අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කළේ.

යුද හමුදා කඳවුරේ ඇතිවු පිපිරීමෙන් විනාශ වූ කොස්ගම රෝහල ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව එහි බාහිර රෝගී අංශය අද යළි විවෘත කෙරෙනවා.

එසේම පිපිරීමත් සමඟ වසා දැමුණු ප්‍රදේශයේ පාසල් ද අද දිනයේදී විවෘත කිරීමට නියමිතයි.

මේ අතර සාලාව කඳවුරේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පනස් දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඉන් තිස් දෙනෙකු හමුදා සාමාජිකයන් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තවදුරටත් සාලාව කඳවුරු භූමියේ රැඳී සිටිමින් පරීක්ෂණ සිදුකරන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories