අතුරුදන්වූවන් ගැන අවසන් අතුරු වාර්තාව ලබන මස 15ට පෙර

Monday, 13 June 2016 - 8:00

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+15%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB
සිය කොමිසමේ  පරික්ෂණ පිළිබද අවසන් අතුරු වාර්තාව ලබන මස 15 වනදා වනවිට ජනාධිපතිවරයාට භාර දෙන බව අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව පවසනවා.

කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම  පැවසුවේ  ආරක්ෂක අංශ ඉදිරිපත් කල පැමිණිලිවලට අදාළ සාක්ෂි විමසීම් මෙතෙක් අවසන් කර නොමැති බවයි.

එබැවින් අවසාන වාර්තාවක් සකස් කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව ද ඔහු සඳහන් කලා.

පසුගිය වසරේ ඔක්තෝබර් 23 වනදා වනවිට කොමිසමට මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සංඛ්‍යාව  18 දහස් 249ක්.

ආරක්ෂක අංශ  විසින්  පැමිණිලි 5000ක් යොමු කර තිබෙනවා.  

කෙසේවෙතත් විමර්ශන අවසන් කිරීමට හැකිව ඇත්තේ පැමිණිලි 6000 කට ආසන්න සංඛ්‍යාවක පමණයි.

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ කාලය ලබන මස 15 වනදායින් අවසන් වීමට ද නියමිතයි.

1990 වසරේ ජූනි මාසයේ සිට 2009 වසරේ මැයි මාසය දක්වා සිදුවූ අතුරුදන්වීම් වලට අදාළ පැමිණිලි විමර්ශනය කර නීතිමය පියවර ගැනීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිසම ස්ථාපිත කෙරුණේ 2013 වසරේ අගෝස්තු 15 වනදායි.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories