ගම්මන්පිල පොලිස් මූලස්ථානයට

Monday, 13 June 2016 - 13:20

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින්  ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණියා.

1997 වසරේ අප්‍රේල් මාසයේදී ලබාදුන් ඇටර්නි බලපත්‍රය ව්‍යාජ බව පවසමින් අදාළ  ඕස්ට්‍රේලියානු සමාගමේ කොටස් හිමිකරු මෙම පැමිණිල්ල සිදුකර තිබුණේ 2015 වසරේයි.

මේ අතර  තමන්ව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රිවරයා පසුගිය 9 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනුකළා.

එම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories