කෝටි 250 ක කොකේන් කිලෝ 91 ක් අත්අඩංගුවට

Tuesday, 14 June 2016 - 18:35

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+250+%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+91+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරටින් හමුවූ වැඩිම වටිනාකමකින් යුත් කොකේන් තොගය ඔරුගොඩවත්ත රේගු බහාළුම් අංගනය තුළදී අද සොයා ගත්තා.

බ්‍රසීලයේ සිට රහසිගතව සීනි කන්ටේනරයක සඟවා දිවයිනට එවා තිබූ මෙම කොකේන් තොගයේ බර කිලෝග්‍රම් 91.3 ක්. එහි වටිනාකම රුපියල් කෝටි 250 කට අධිකයි.

මුදල් අමාත්‍යාංශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

කොළඹ 11 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම කන්ටේනරය ගෙනවිත් ඇති අතර, වසර 25 ක පමණ කාලයක සිට ඔහු සීනි ආනයනය කර තිබීම විශේෂත්වයක්.

වැටලීමෙන් අනතුරුව කොකේන් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මුදල් අමාත්‍ය රවී කරුණානායකද ඔරුගොඩවත්ත රේගු බහාළුම් අංගනයට පැමිණියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories