කැළණියේ සිසුන්ට කඳුළු ගෑස්

Wednesday, 15 June 2016 - 16:00

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A
ශිෂ්‍යාවකට නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර කර සිටින සිසු සිසුවියන් හත්දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා  කැළණි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය  සංවිධාන කළ පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය අද ජල සහ කදුඵ ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි ලෝටස් වටරවුම ආසන්නයේදියි.

අද පස්වරුවේ මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසළින් මෙම පා ගමන ආරම්භ වු අතර  ඕල්කට් මාවත ඔස්සේ සිසුන් ලෝටස් වටරවුම පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණියා.  

ඒ හේතුවෙන් ගාලූමුවදොර දෙසට දිවෙන මාර්ගය ලොටස් වටරවුම අසලින් වසා දැමිමට පොලිසිය පියවර ගත්තා.

පා ගමනට පෙර, මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ වාහනවලට එමගින් හානියක් හෝ පීඩාවක් සිදු කිරිම තහනම් කරමින් පොලීසිය කොළඔ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබුණා.

නීතිවිරෝධි ලෙස සාමය කඩ වෙන අයුරින් ජනාධිපති ලේ්කම් කාර්යාලයට ඇතුඵ වීමද එමඟින් වළක්වනු ලැබුවා.

කෙසේ වෙතත් සිසුන් ලෝටස් වට රවුම පසු කරමින් ඉදිරියට පැමිණි අතර, පොලීසිය මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන අවහිර කළා.

එහිදී සිසුන් කිහිපදෙනෙකුට ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි පොලීසිය දැනුම්දුන්නේ.

අනතුරුව යළිත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සිසුන් සමඟ සාකච්ඡා කළ අතර, ඔවුන් කියා සිටියේ ඉදිරි නඩු දිනයේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විරුද්ධත්වයක් පළ නොකරන බවයි.  

එම ප්‍රකාශය කිහිපවරක් සිදු කළද සිසුන් එය විශ්වාස කළ නොහැකි බව ප්‍රකාශ කර යළි උද්ඝෝෂණයේ නිරතවුණා.

අනතුරුව ඔවුන් මාර්ග බාධක පෙරළමින් ඉදිරියට යාමට උත්සාහ කළ අතර, පොලීසිය පළමුව ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එහෙත් සිසුන් අඛණ්ඩව ඉදිරියට පැමිණි අතර, අනතුරුවයි කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ. 

මේ අතර ශ්‍රේණි කිහිපයක් සදහා පසුගිය වසරේ ජූලි මාසයේ ඉහළ දැමූ රුපියල් දහසේ විශේෂ දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා ආයුර්වේද සේවකයින් අද දහවල් රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.

ඒ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories