වරායේ අදත් අවුල්

Friday, 17 June 2016 - 13:37

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් 3 දෙනෙකු අද උදෑසන එහි දොරටුවේ වහලය මත නැගී ආරම්භ කළ උපවාසය තවමත් ක්‍රියාත්මකයි.

ඒ අතරතුර වරාය ආරක්ෂක නිලධාරීන් අද පෙරවරුවේ සිට විරෝධතාවක නිරත වූ අතර එය දහවල් අවසන් කෙරුණා.

වරාය අධිකාරියට අයත් වඩු කාර්මික අංගනයේ අමාත්‍යවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවන්ට අනුව ගෘහ භාණ්ඩ නිපදවන බවට වෘත්තීය සමිති චෝදනා එල්ල කිරීමත් සමඟයි මෙම අර්බුදය ආරම්භ වුණේ.

ඒ අනුව වරාය අධිකාරියේ ආරක්ෂක අංශ නිලධාරීන් සිය විරෝධතාවය ආරම්භ කළේ කොම්පඤ්ඤවීදිය බේරේ වඩු කාර්මික අංගනයේ සේවය කළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව පවසමින්.

පසුගිය අඟහරුවාදා මාධ්‍යවේදීන් සමඟ වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්ට එම පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩලබාදීම ඔවුන්ට එල්ල කර ඇති චෝදනාවයි.

එම විරෝධය ක්‍රියාත්මක වන අතරතුර තවත් වරාය සේවකයන් තුන්දෙනෙකු උපවාසක් ආරම්භ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබියදීත් විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග වරාය සේවකයන්ගේ ගැටළු කිහිපයකට විසදුම් ලබා නොදුන් බව පවසමින්.                                                             

 කෙසේ වෙතත්, වරාය හා නාවික අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වු වරාය අධිකාරියේ ආරක්ෂක අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්.විජේසිංහ කියා සිටියේ මෙම උපවාසය පිටුපස වෙනත් අරමුණක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories