නාය යාමේ අවදානම් හඳුනා ගැනීමට පරීක්ෂණ පුළුල් කෙරේ

Saturday, 18 June 2016 - 12:42

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නාය යාමේ අවදානම් පවතින ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයුම් පුළුල් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාම් යාම් අංශයේ ප්‍රධානී ආර් එම් එස් බණ්ඩාර ප්‍රකාශ කළා.


තම සංවිධානයට අයත් කණ්ඩායම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ආචාර්යවරුන් මෙන්ම සිසුන් ද ඒ සඳහා එක්ව සිටින බවයි ඔහු සදහන් කළේ.

රත්නපුර මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල නාය යාම් අවදානම් පවතින ස්ථාන තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව ද ඔහු කියා සිටියා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නාය යාමේ අවධානමක් පවතින බවට සැක කෙරෙන ස්ථාන 636ක් අද වන විට හඳුනාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories