හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සියල්ල සූදානම්

Saturday, 18 June 2016 - 12:58

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
හිරු එෆ් එම්,හිරු ටී වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය උතුම් වූ පොසොන් පොහොය නිමිතිකොට ගෙන සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් මහා පිංකම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම්.

මෙම පිංකම පැවැත්වෙන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ  කළ ඓතිහාසික මාතලේ - අලූවිහාර පූජා භූමියේදියි.

නිරන්තරයෙන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන හිරු එෆ් එම්, හිරු ටී වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් හෙට දවස පුරා ඓතිහාසික මාතලේ - අලූවිහාර පූජා භූමියේදී පවත්වනු ලබනවා.

උදෑසන ශීල සමාදාන කටයුතුවලින් හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකමේ කටයුතු ආරම්භවීමට නියමිතයි.

ධර්ම දේශනා සහ කාලීන ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් මෙවර හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකමට ඇතුළත්.

පසුගිය වසර කිහිපයේ මෙන්ම මෙවර ද හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් පිංකමේදී උතුම් වූ සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් සසුන් ගත කරවීමේ මහා පිංකම ද පැවැත්වෙනවා.

ඉන් අනතුරුව මහා සංඝරත්නය සියක් නමක් උදෙසා සිරිත් පරිදි දන් පිං වඩවා සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.

හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් මහා පිංකමේ මෙම සියලූ පුණ්‍ය කටයුතු  සිදුකරනු ලබන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකම සඳහා සියලූ කටයුතු මේ වන විට ඓතිහාසික මාතලේ - අලූවිහාර පුදබිමේ සංවිධානය කර අවසන්.                 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories