රෝමය තරුපහේ කාන්තාවකට

Sunday, 19 June 2016 - 7:36

%E0%B6%BB%E0%B7%9D%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%84%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7
රෝම පුරවරය සිය ප්‍රථම නගරාධිපතිවරිය අද තෝරා පත්කරගනු ඇති බව ඉතාලි වාර්තා සඳහන්  කළා.

වර්ජිනියා රග්ගි නැමති 37 හැවිරිදි නීතීඥවරිය මීට දෙසතියකට පෙර පැවති රෝම නගර සභා මැතිවරණය ජයග්‍රහණය කළේ සියයට 35 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින්.

ඇගේ ආසන්නතම ප්‍රතිවාදියාට හිමිවූයේ සියයට 24 ක ඡුන්ද ප්‍රතිශතයක්.

ඒ අනුව අද පැවැත්වෙන දෙවන වටයේ මැතිවරණයේදී ඇය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂිතයි.

වර්ජිනියා රග්ගි ඉතාලියේ නව දේශපාලන බලවේගයක් වන ෆයිව් - ස්ටාර් මූව්මන්ට් හෙවත් තරු පහේ ව්‍යාපාරය නියෝජනය කරනවා.

ඇගේ ජයග්‍රහණය අග්‍රාමාත්‍ය මැට්ටියෝ රෙන්සිගේ රජයට 2018 මහ මැතිවරණයේදී අභියෝගයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories