එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත පොලිස් නිලධාරීන්ට බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
හලාවත - දැදුරු ඔය පොලිස් මාර්ග බාධකයේදී මන්ත්රීවරයා විසින් එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට පෙරේදා දිනයේ බැන වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මන්ත්රීවරයාගේ රියදුරා ධාවනය කළ මෝටර් රථය පොලිස් මාර්ග බාධකයේදී නවතා ඇති අවස්ථාවේදී රියදුරා සතුව වාහන ආදායම් බලපත්රය හෝ රක්ෂණ සහතික තිබී නැහැ.
එම අවස්ථාවේදී රියදුරා සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන අතර පසුව එම ස්ථානයට මන්ත්රීවරයාද පැමිණ තිබෙනවා.
එහිදී මන්ත්රීවරයා පොලිස් නිලධාරීන්ට බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

Follow US
Most Viewed Stories