අගමැති අපේක්ෂකත්වයට මහින්ද ඉඟි කරයි

Sunday, 19 June 2016 - 12:44

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%89%E0%B6%9F%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මීළඟ මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ කිරීමේ අදහසක් පවතින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉඟියක් කර තිබෙනවා.

ඒ ජැපෑන් ටයිම්ස් පුවත්පත සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.

සිය ජපාන චාරිකාවට සමගාමීව ලබාදුන් එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ අනාගත සැලසුම් හෙළිදරව් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාට 03 වන වරට ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීම වළක්වා ඇති නමුදු දේශපාලනඥයන් කිසිදා විශ්‍රාම නොයන බවයි.

සිය පාලන සමය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 18 ක් සොරකම් කළ බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ එසේ එක් ඩොලරයක් හෝ සොරකම් කළ බවට ඔප්පු කළහොත් ගෙළ සිඳ ගැනීමට සූදානම් බවයි.

තම රටවල් සංවර්ධනය කළ ආසියානු නායකයන් පිළිබඳවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජැපෑන් ටයිම්ස් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රසාදය පළ කර තිබෙනවා.

සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මලයාසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඞ් එලෙස ඔහු නම් කළ ආසියානු නායකයන් දෙදෙනෙක්.

මෙරට පැවති යුද්ධය පිළිබඳව සිය අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එල් ටී ටී ඊ නායක වේළුපීල්ලේ ප්‍රභාකරන් පැවති තත්ත්වය පිළිබඳව අවතක්සේරු කළ බවයි.

ජාත්‍යන්තර පීඩනය තුළින් රජයේ හමුදා මෙහෙයුම් නතර වනු ඇතැයි ප්‍රභාකරන් අපේක්ෂාවෙන් සිටි බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

හමුදා මෙහෙයුම්වල ප්‍රබලත්වය සම්බන්ධයෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එල් ටී ටී ඊ සංවිධානය යළි නැගී සිටීම වැළැක්වීම තම අරමුණ වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories