මාධ්‍යයට තර්ජනය කළ STF ඩී අයි ජී ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

Monday, 20 June 2016 - 6:54

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+STF+%E0%B6%A9%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මාධ්‍යයට සිදුකළ තර්ජන සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් කැඳවා තිබෙනවා.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අදාළ වාර්තාව අද කොමිසම වෙත ලැබීමට නියමිත  බවයි.

එම වාර්තාවේ අන්තර්ගතවන කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ පසුගිය 17 වනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ අතර අදාළ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් දක්වා තිබුණේ නියෝජ්‍ය  පොලිස්පතිවරයා මාධ්‍යයට තර්ජනය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

මාධ්‍යයකින් පොලිස් විශේෂ කාර්ය බලකායට අසාධාරණයක් සිදුවූවා නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග රැසක් ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එසේ නොකර මිලිටරිකරණය හරහා මාධ්‍යයට තර්ජනය කිරීම තමන් දැඩිව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories