මහියංගන දැරිය ඝාතකයාට අපයෝජන චෝදනා රැසක්

Monday, 20 June 2016 - 7:04

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මහියංගනය - රිදීමාලියැද්ද - මොරාන ප්‍රදේශයේ 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද මහියංගනය මහේ්ස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොරාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු පියෙකු වන මෙම සැකකරු ඊයේ ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගත්තා.

ලිංගික අපයෝජනයට ලක් කිරීමෙන් පසු දැරිය ඝාතනය කළ බවටයි සැකකරුගේ පාපොච්චාරණයෙන් අනාවරණ වී ඇත්තේ.

පසුගිය සිකුරාදා දහවල් පාසල නිම වී නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්වුණේ කුඩාලූණුක - කණිෂ්ඨ විද්‍යාලයේ හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මල්කි සදමාලි චන්ද්‍රසිරි නමැති දැරියයි.

 පාසල නිමවීමෙන් පසු බස් රථයෙන් ඇය කුඩාලූණුක මංසන්ධිය වෙත පැමිණ එතැන් සිට නිවස දක්වා පා ගමනින් පැමිණ තිබෙනවා.

තනිවම පැමිණෙමින් සිටි මෙම දැරිය සැකකරු දැක ඇති අතර පසුව ඇයව රැගෙන ගොස් ලිංගික අපයෝජනයකට ලක් කළ බවයි එම පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

මොරාන - පනුල්ල - ඉමකදුර ප්‍රදේශයේ පාළු ඇළ මාර්ගයක තිබී ඇගේ සිරුර සොයා ගැනුණු අතර ඒ අවස්ථාවේදී දැරියගේ දෑත් ගැට ගසා තිබුණා.

පාවහන් සහ පාසල් බෑගය ඊට මඳක් දුරින් තිබී ප්‍රදේශවාසීන් සොයා ගත් අතර ඔවුන්ට පාසල් බෑගය මුලින්ම පෙන්වා දී ඇත්තේ ද අත්අඩංගුවට ගත් සැකකරු විසින්.

සිරුර තිබූ ස්ථානය ආසන්නයේ කටු පඳුරක පැටලී තිබූ නූල් කැබලි කිහිපයක් සොයා ගැනුණු අතර එය සැකකරුගේ කමිසයේ නූල් කැබලි බව පොලීසිය අනාවරණ කර ගත්තා.

ඉන් අනතුරුවයි සැකකරු පොලිස් භාරයට ගනු ලැබුවේ.

 මීට වසර 15කට පමණ පෙර පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා සිර දඩුවමකට ද ලක්ව සිටි අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories