Update : ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 14 දෙනෙකු මරුට

Monday, 20 June 2016 - 10:10

Update+%3A+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී කුඩා බස් රථයකට අද එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙහිදී මිය ගොස් ඇත්තේ කාබුල් නුවර කැනඩා තානාපති කාර්යාලයේ ආරක්ෂක භටයන් ලෙස සේවය කරන නේපාල ජාතිකයන් පිරිසක්.

ප්‍රහාරකයා මඟ රැදී සිට බස් රථය පැමිණීමත් සමඟ එය ඉදිරියට පා ගමනින් ගොස් බෝම්බය පුපුරුවා තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය විසින් භාර ගනු ලැබුවා.

රාමසාන් සමය ආරම්භ වූ පසු ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වූ ප්‍රථම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙයයි.

Update : Monday, June 20, 2016 16.16
-------------------------------------------------

ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවරදී බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ  ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අද අලූයම සිදුවූ ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූවන් මෙතෙක් ගණනය කර නොමැති බවයි.

මියගිය පුද්ගලයන් ඇෆ්ගනිස්ථාන ජාතිකයන් ද නැතහොත් නේපාලයෙන් ඇෆ්ගනිස්ථානයට රැකියා සඳහා පැමිණි පුද්ගලයන්ද යන්න තහවුරු වී නැහැ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන  නොමැති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories