ඩෙංගු බෝ කළ 392 කුට නඩු

Monday, 20 June 2016 - 14:04

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+392+%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට සමගාමීව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් තුන්සිය අනූදෙකකට නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගිය 18 වනදා දක්වා දින තුන තුළ ක්‍රියාත්මක කෙරුණු මෙම පරීක්ෂා කිරීම්වලදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 1456 ක් හඳුනාගත්තා.

එසේම පුද්ගලයින් 1771 දෙනෙකුට නොතීසි නිකුත් කිරීමටද කටයුතු කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වසරේ මේ වනවිට කොළඹින් ඩෙංගු රෝගීන් 6009 ක් ද ගම්පහින් 1983 දෙනෙකුද හමුවී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories