ගාස්තු වැඩිවීමක් ඉල්ලා බස් සංගමයක් වර්ජනයකට සැරසේ- තවත් සංගමයක් මාසයක් කල් දෙයි

Tuesday, 21 June 2016 - 7:32

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියයට 10ත් 15ත් අතර බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා වර්ජනයක් දියත් කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය සැරසෙනවා.

ගාස්තු වැඩි කිරීම පිළිබද බස් හිමියන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ බස් සංගම් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

එහෙත් එහිදී ප්‍රතිඵලයක් අත් නොවූ බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් ගාස්තු සංශෝධනය සඳහා රජයට මාසයක කාලයක් ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  සදහන් කළා.

ඔහු කියා සිටියේ නව ගාස්තු ක්‍රමයේ නිර්නායක අලූතින් සැකසීමට මෙලෙස කාලයක් ලබාදෙන බවයි.

බස් ගාස්තු වැඩි කිරීම පිළිබදව නිර්නායකයන් සැකසීම සඳහා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවා.

ඒ බස් සංගම් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories