නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වූ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක අද නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි මොහු මුදා හැරීමට නියෝග කෙරුණේ.
ඊට අමතරව ශරීර ඇප තැබීම සඳහා ඉදිරිපත් වන එක් අයෙකු රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතු බව විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම තිළිණ ගමගේට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඇප කොන්දේසි කඩ කළහොත් මෙම නඩුව අවසන් වන තුරු රිමාන්ඞ් භාරයේ තබන බව ද දැනුම් දුන්නා.
ඊට අමතරව සතියකට වරක් රහස් පොලීසිය හමුවේ පෙනී සිටිය යුතු බවටයි විත්තිකාර තිළිණ ගමගේට විනිසුරුවරයා නියෝග කළේ.
අද පෙරවරුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ප්‍රකාශ කළේ විත්තිකාර තිළිණ ගමගේට ඇප ලබාදෙමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය දෝෂසහිත වැරදි එකක් බවයි.
මේ නිසා ප්‍රතිශෝධිත අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා දැනුම් දුන්නා.
කෙසේ වෙතත් සුවිශේෂී කරුණු මත සලකා කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ඇප ලබාදෙන බවයි මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ.
අලි ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ඇප ලබාදෙමින් නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න දුන් නියෝගය කොළඹ මහාධිකරණය තාවකාලිකව අත්හිටවනු ලැබුුවා. ඒ අද දක්වායි.
නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා පසුගිය 13 වන දා ගොනු කළ අයදුම්පතක් සලකා බලමිනුයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.
එමෙන්ම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කර තිබූ දැනුම් දීමට අනුව විත්තිකාර තිළිණ ගමගේ අධිකරණ සංකීර්ණයට පැමිණියේ මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු වන දොරටුවෙන් බවයි එහි සිටින හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ සේවය අධිකරණ සේවා කොමිසම් සභාව මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Follow US
Most Viewed Stories