අල්ලස් ගත් ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්

Tuesday, 21 June 2016 - 15:09

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ගල්කිස්ස - පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එච්.එස්. ගුණරත්න මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත්තේ  දෙහිවල ප්‍රදේශයේ බැංකුවක් අසල දී කාන්තාවකගෙන් රුපියල් 20,000ක මුදලක් ලබා ගැනීමට යාමේදීයි.

මුදල් ආරවුලකට අදාළව අධිකරණයේදී වාසි  ලැබෙන අයුරින් කටයුතු කර දීමට මෙම කාන්තාවගෙන් ඔහු අල්ලස් ලබාගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories