වරායේ පිවිසුම් දොරටුව අසළ උණුසුම් තත්ත්වයක්

Wednesday, 22 June 2016 - 8:47

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ වරායේ සේවකයින් පිරිසක් උපවාසයේ නිරත වන වරායේ පිවිසුම් දොරටුව ආසන්නයේ අද අලූයම උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, අමාත්‍යවරයාට පක්ෂ සේවකයන් පිරිසක් සහ උපවාසයේ නිරත සේවකයන් අතරයි. වරාය අමාත්‍ය අර්ජුණ රණතුංගට පක්ෂ සේවකයන් පිරිසක් පෝස්ටර් අලවමින් සිටියදී උපවාසයේ නිරත සේවකයන් ඊට විරෝධය පළ කර ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුව පොලීසිය මැදිහත් වී ඇති වූ තත්ත්වය පාලනය කර තිබෙනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරායේ සේවකයින් 7 දෙනෙකු 6 වන දිනටත් අද උපවාසයේ නිරත වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories