අනුරාධපුර පාසලක විරෝධතාවක්

Wednesday, 22 June 2016 - 10:24

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අනුරාධපුරය - නොච්චියාගම - රණවරාව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද පෙරවරුවේ එම විදුහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

නොච්චියාගම - විලච්චිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ විදුහලට ප්‍රමාණවත් පරිදි ගුරුවරුන් නොමැති බව පවසමින්.

මෙම ගැටලූව පිළිබදව අධ්‍යාපන බළධාරින් දැනුවත් කළ ද ඊට නිසි විසඳුමක් මේ දක්වා නොලැබුණු බවයි විරෝධතාවට එක්වූ දෙමාපියන් කිහිපදෙනෙකු ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories