UPDATE: වව්නියාවේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගැනේ

Wednesday, 22 June 2016 - 11:05

UPDATE%3A+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
වව්නියාවේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ ශන්මුගම් සෙල්වරාසා නමැති වව්නියාව නගරයේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයෙකු මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බවයි.

හොරොව්පතාන ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් මොහු පැහැර ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ ස්ථානයේ තිබී ව්‍යාපාරිකයාට අයත් ජංගම දුරකථනය පාවහන් සහ උපැස් යුගලය සොයා ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම පිළිබදව අදාළ සිම්කාඞ්පත හිමි දුරකථන සමාගමෙන් විශ්ලේෂණ වාර්තාවක් අද ලබාගැනීමට නියමිත බව වව්නියාව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ බිරිද විදේශ ගතව සිටින අතර මොහු කාලයක් තිස්සේ මුදල් පොලියට ලබාදෙන අයෙකු බවයි  හෙළිව ඇත්තේ.

එමෙන්ම මොහු කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයෙකු බවට ද පොලිසිය වෙත තොරතුරු අනාවරණ වී තිබෙනවා.  

මුදල් පොලියට ලබාදීමේ දී ඇති වූ සිද්ධියක් මත පැහැර ගැනීම සිදුව ඇති බවට අනුමාන කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව වව්නියාව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories