රජයේ වෛද්‍යවරුන් ඉසුරුපායට

Wednesday, 22 June 2016 - 12:44

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් අද (22)පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කර ගැනීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය උත්සාහයක නිරත වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය එල්ල  කළ චෝදනාවට විරෝධය දැක්වීම සදහායි.  

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජාතික පාසල් 352ක් අතුරින් ජනප්‍රිය පාසල් 20 කටත් අඩු සංඛ්‍යාවකට දරුවන් ඇතුළත් කරගැනීමේ උත්සාහයක නිරතවන බවටයි නිවේදනයක් නිකුත්  කරමින්  අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ සදහන් කළේ.

කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයකට තම දරුවන් ඇතුළත් කර ගැනීම සදහා ඔවුන් මෙලෙස උත්සාහ කරන බවයි එහි දැක්වුණේ.

මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 160 දෙනෙකු තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගැනීම සඳහා ඉල්ලූම් කර ඇති අතර මේ වනවිටත් සාධාරණ ඉල්ලීම් සිදුකර ඇති නිලධාරින්ගේ දරුවන්ට පාසල් ලබාදීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දක්වා තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් සාධාරණ නොවන බව ප්‍රකාශ කරන එම අමාත්‍යාංශය ඔවුන් අවශ්‍ය තොරතුරු ලබාදී  නොමැති බවද සඳහන් කළා.

ගම්පහ - බෙම්මුල්ලට මාරුවීමක් ලද වෛද්‍යවරයෙකු තම දරුවා වෙනුවෙන් කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලය ඉල්ලූම් කිරීම වැනි උදාහරණ කිහිපයක්ද  අධ්‍යාපන  අමාත්‍යාංශය  එම  නිවේදනයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගැටලූව පිළිබදව තම සංගමය ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බවයි අද පැවති විරෝධතාවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories