එම් එච් 370 යානයේ තිබු බවට සැක කෙරෙන භාණ්ඩවල ඡායාරූප එයි (ඡායාරූප)

Wednesday, 22 June 2016 - 16:46

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A+370+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අතුරුදන්වු එම් එච් 370 යානයේ ගමන් කල මගීන්ට අයත් බවට සැක කෙරෙන භාණ්ඩ රැසක් මැඩගස්කර් මුහුදු තීරයෙන් හමුවී තිබෙනවා.

එම භාණ්ඩවල ඡායාරූප මේවන විට ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් එම භාණ්ඩ එම් එච් 370 යානයේ ගමන් කල මගීන් 239 දෙනාගේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

හමුවු උපකරණ අතර මුදල් පසුම්බි / ගමන් බෑග සහ ලැප්ටොප් පරිගණක බෑග් ද ඇති බව සඳහන්.

ඇතැම් පිරිස් සැක පළකරන්නේ මේවා නැවකින් මුහුදට වැටුනු ඒවා වන්නට ද හැකියාව පවතින බවයි.

මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවර සිට චීනයේ බෙයිජිං නුවර දක්වා ගමන් කරමින් තිබියදීයි එම් එච් 370 යානය 2014 මාර්තු මාසයේදී අතුරුදන්වුයේ.

මේවන විට සැක පළකරන්නේ අදාළ යානය ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයට කඩා වැටෙන්නට ඇති බවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories