යාපනයේ අපයෝජක ගුරුවරයා අල්ලයි

Thursday, 23 June 2016 - 7:12

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යාපනය - පුංකුඩිතිව් ප්‍රදේශයේදී විද්‍යා දැරිය දුෂණය කර මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවන් 12 දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා ඇප අවශ්‍යනම් මහාධිකරණයට යන්නැයි ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සිසුවියන් කිහිපදෙනෙකුට ලිංගික අපයෝජනයන් සිදුකළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් යාපනය - පෙරියපුලම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ඊයේ විරෝධතාවක නිරතවුණා.

පාසලේ 55 හැවිරිදි විද්‍යා ගුරුවරයා මෙම අපයෝජනයන්ට සම්බන්ධ බවටයි සිසුන් චෝදනා කළේ.  

අනතුරුව සිද්ධියට සම්බන්ධ ගුරුවරයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර 11 හැවිරිදි සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියකට යාපනය -  කොඩිකාමම් වරණි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරුවරුන් හතරදෙනෙකුද පසුගියදා පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories