ශ්‍රමණ වෙසින් එන වකුගඩු දන්දෙන්නා

Thursday, 23 June 2016 - 8:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F
වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ පවුල් වල ඥාතීන් රවටා මුදල් වංචා කල සැකකරුවෙකු අකුරැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

37 හැවිරිදි මෙම සැකකරු අතුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වකුගඩු අවශ්‍යය බවට පලවන දැන්වීම් වලට සැකකරු දුරකථනය හරහා සම්බන්ධවී තමන් ස්වාමීන් වහන්සේනමක් බවත් වකුගඩු ලබාදීමට කැමත්තෙන් සිටින බවත් මුලින් ප්‍රකාශ කරන බවයි සදහන් වන්නේ.

අනතුරුව ඔහු තමන්ට පැමිණීම සදහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් විශාල මුදල් ලබා ගන්නා බවයි අනාවරණ වී ඇත්තේ.  

සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories