ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් උපදෙස්

Thursday, 23 June 2016 - 8:38

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම දකුණ සහ බස්නාහිර පළාත්වල තවදුරටත් තද සුළං අපේක්ෂා කළ හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දකුණු මුහුදු ප්‍රදේශවලද තවදුරටත් තද සුළං අපේක්ෂා කළ හැකි බවයි.

මීට අමතරව පුත්තලම සිට කොළඹ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බවද  එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවටයි ඔවුන් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories