මහර උසාවි සංකීර්ණය අසලදී වෙඩි ප්‍රහාරයට ලක්වී අයෙකු මරුට

Thursday, 23 June 2016 - 11:10

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ හයිබ්‍රිඞ් මෝටර් රථයකින් පැමිණි පිරිසක් තවත් මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අදාළ මෝටර් රථයේ මියගිය පුද්ගලයාගේ බිරිඳද සිට ඇති බව සඳහන්.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ රත්මලාන - ශ්‍රී ඥාණසාර මාවතේ් පදිංචි සුරේෂ් අසංක සිල්වා නැමති 35 හැවිරිදි පුද්ගලයෙක්.

ටී 56 වර්ගයේ සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි උපයෝගී කරගනිමින් මෙම වෙඩි තැබීම් සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි කඩවත පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා මහර අධිකරණයේ විභාග වූ හෙරොයින් ළඟ තබාගැනීමේ සිද්ධියකට සම්බන්ධ නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

මෙම සිද්ධිය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා.

කෙසේ වෙතත් ඝාතනය සිදුකල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා  කැළණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි. 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories