වැට් විරෝධය මාතර දක්වා ගිය හැටි (ඡායාරූප)

Thursday, 23 June 2016 - 13:41

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තොග හා සිල්ලර වෙළඳාම මත රජය විසින් පනවා ඇති වැට් බද්ද ව්‍යාපාරිකයින්ට අසාධාරණ ලෙස බලපා ඇති බවට චෝදනා කරමින් මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් අද විරෝධතාවක නිරතවනවා.

මාතර දිස්ත්‍රික් වෙළඳ හා වානිජ මණ්ඩලය සංවිධාන කර ඇති මෙම විරෝධතාව සඳහා මාතර, කඹුරුපිටිය, අකුරැස්ස, වැලිගම, දික්වැල්ල, දෙණියාය, මොරවක, පිටබැද්දර, දෙවිනුවර, මාකඳුර, මාවරල, හක්මන, තිහගොඩ, ඉමදුව සහ කනංකේ යන නගරවල ව්‍යාපාරිකයින් එක්ව සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතාවට සමගාමීව වෙළඳසැල් වසා දමමින් ඔවුන් විරෝධතාවල නිරතවුණා.

මාතර නගරයේ වෙළඳුන් විරෝධතාවයේ නිරතවුණේ මාතර බස් නැවතුම්පල අසලදියි.  

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ පසුගියදා වෙළඳ සංගම් දැක්වු විරෝධතාවන් සැලකිල්ලට ගනිමින් රජය වැට් බද්ද සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

අද පෙරවරුවේ මොරවක / පිටබැද්දර / දෙවිනුවර සහ මාතර නගරවල උද්ඝෝෂණ පැවැත්වුනේ මෙලෙසින්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories