සරසවි විරෝධතා පාගමනට කොල්ලූපිටියේදී ජල සහ කඳුළු ගෑස්

Thursday, 23 June 2016 - 16:05

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A
ඉල්ලිම් රැසක් මුල් කර ගනිමින් වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි එකමුතුව විසින් සංවිධානය කර විරෝධතා පා ගමනකට පොලිසිය විසින් අද (23) පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම මුලික කර ගත් මෙම විරෝධතා පා ගමන ආරම්භ වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින්.

ඔවුන් හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණ තුන්මුල්ල මංසන්ධියෙන් ගාලූපාරට ගමන් කළා.

ඒ සදහා දිවයින පුරා වෛද්‍ය පීඨ 7 ක සිසුන් ඊට එක්ව සිටියා.

විරොධතාකරුවන් පාගමනින් කොල්ලූපිටිය මංසන්ධිය ඔස්සේ අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ ද පොලිසිය ඊට ලබාදුන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඔවුන් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය පාගමන විසුරුවා හැරිම සදහා කදුඵ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොල්ලූපිටිය මංසන්ධියෙන්, ගාලූමුවදොර පිිටිය දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories