තවත් හෙරොයින් තොගයක් කොටුවෙයි

Friday, 24 June 2016 - 7:43

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 50 ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් 6 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 120 ක් වන බවයි පොලිසිය සඳහන් කලේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබු ත්‍රී රෝද රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද අලුයම පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල කල මෙහෙයුම් දෙකකදීයි මෙම හෙරොයින් තොගය හමුවී ඇත්තේ.

අදාළ  වැටලීම්වලදී වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ත්‍රිරෝද රථ දෙකක් සමග අත්අඩංගුවට ගත් බව සදහන්.

මීට අමතරව ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සමග හෙරොයින් ග්‍රෑම් 450 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories