සෝමාලි අගනුවර යළි බෝම්බ පිපිරේ

Sunday, 26 June 2016 - 8:03

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
සෝමාලියාවේ - මොගඩිෂු අගනුවර ප්‍රකට හෝටලයකට ඊයේ අල්ෂබාබ් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුණා.

එහිදී ආරක්ෂක භටයන් සාමාන්‍ය වැසියන් සහ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් ඇතුලූ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොගඩිෂු නගරයේ පිහිටි නාසෝ හබ්ලොඞ් නැමති මෙම හෝටලය සෝමාලි රජයේ නිලධාරීන් සහ විදේශිකයන් විසින් නිරන්තරයෙන් භාවිතා කෙරෙන ස්ථානයක්.

බෝම්බ පිරවූ මෝටර් රථයක් පුපුරුවා හැර හෝටලයට කඩාවැදුණු ත්‍රස්තවාදීන් එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයටද ගෙන තිබුණා.

ප්‍රතිප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් හතරදෙනෙකු මියගිය අතර, ප්‍රහාරයේදී විදේශිකයන් මියගියේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

පසුගිය මාසයේදීද සෝමාලි අගනුවර හෝටලයකට එල්ලවූ අල්ෂබාබ් ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories