සන්නද්ධ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් භටයන් 8 දෙනෙකු මරුට

Sunday, 26 June 2016 - 10:30

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ ජම්මු - කාශ්මීර ප්‍රාන්තයේ ශ්‍රී නගර් ප්‍රාන්ත අගනුවර ආසන්නයේදී ඊයේ එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් නිලධාරින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 20 දෙනෙකු මෙහිදී තුවාල ලබා තිබෙනවා.

ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන ලෂ්කාර් ඊ ටයිබා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇති බව සදහන්.

ජම්මු - කාශ්මීරයේ මහා මාර්ගයේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් භට පිරිසක් රැගෙන යන වාහනයකටයි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස හැඳින්වූ ලෂ්කාර් සංවිධානය ප්‍රහාරයෙන් ඉන්දීය පොලිස් භටයන් 13 දෙනෙකු මියගිය බව ප්‍රකාශ කළා.

ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තයක් වන ජම්මු - කාශ්මීරයේ මෙවැනි ප්‍රහාර නිරන්තරයෙන් වාර්තා වුව ද මෑතකදී අසන්නට ලැබුණු දරුණුතම සිද්ධිය මෙයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories