හෙට සිට හමුදාව සහ පොලිසිය විශේෂ පරීක්ෂාවක

Sunday, 26 June 2016 - 10:58

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ඇතුලත් වැඩසටහනක් හෙට ආරම්භ වනවා.

දිවයින පුරා ඩෙංගු වසංගත තත්වයක් වාර්තාවීමත් සමගයි මෙම වැඩසටහන ආරම්භ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව හෙට ආරම්භ වන මෙම ශ්‍රමදාන වැඩසටහනට ත්‍රිවිධ හමුදාව / පොලිසිය සහ සිවිල් ආරක්ෂක සාමාජිකයන් ද එක්වනු ඇති.

හෙට ආරම්භ වන ශ්‍රමදාන වැඩසටහන විශේෂයෙන් කොළොන්නාව / කඩුවෙල / ගම්පහ / දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජල ගැලීම් හේතුවෙන් ආපදාවට පත්වු ප්‍රදේශවල කැළි කසල තවමත් පැවතීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානම වැඩිවී ඇති බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 19731 ක් වාර්තාවී ඇති බවයි.

එම ප්‍රමාණයෙන් 47.61% ක් පමණ වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශකර තිබෙනවා.

වැඩබිම් ආශ්‍රිතව මදුරුවන් බෝවීමේ ප්‍රතිශතය පසුගිය වසරේදී 38% ක්ව පැවති අතර එය මෙම වසර වන විට 40% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

පාසැල් තුල මදුරුවන් බෝවීමේ ප්‍රතිශතය 2015 දී 32% ක්ව පැවති අතර එය මේවන විට 38% ක් ලෙස වර්ධනය වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කලේ කොළඹ නගරය පුරා ඇති ඉදිකිරීම් වැඩබිම්වලින් 70% කට  වැඩි ප්‍රමාණයකට මේවන විට රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

මේ අතර ලබන 30 වනදා සිට ජුලි 2 වනදා දක්වා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහයෝගය සහිතව තුන්දින ඩෙංගු මර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories