යුධ හමුදාව සතු සියලු ඉඩම් නිදහස් කල නොහැකි බව ආරක්ෂක ලේකම් කියයි (ඡායාරූප)

Sunday, 26 June 2016 - 11:57

%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යුධ හමුදාව යටතේ ඇති සියලු ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

ආරක්ෂක හේතුන් මත අදාළ ඉඩම් නිදහස් කිරීමට නොහැකි අතර ඒ වෙනුවෙන් එම ඉඩම් හිමිකරුවන්ට වන්දි ලබාදීමට පියවර ගන්නා බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කලේ.

පලාලි අධි ආරක්ෂිත කලාපයේ / කන්කසන්තුරේ සහ වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 201 ක් යළි හිමිකරුවන්ට ලබාදීමේ උත්සවයකට එක්වෙමින් කරුණාසේන හෙට්ටිආරච්චි මෙම අදහස් පළකලා.

නිදහස් කිරීමට හැකියාව ඇති ඉඩම් කොපමණ ප්‍රමාණයක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ද තවමත් හෙළිකල නොහැකි බවයි ඔහු සඳහන් කලේ.

යුද්ධය අවසන් වන විට සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් අක්කරක 29000ක් පමණ අධිආරක්ෂිත කලාපවල තිබුන ද හිමිකරුවන්ට යළි ලබාදීම හේතුවෙන් මේවන විට එම ඉඩම් ප්‍රමාණයෙන් ඉතිරිව ඇත්තේ අක්කර 3000 ක් පමණක් බව ද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කලා.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories