මැඩගස්කරයේත් ත්‍රස්ත ප්‍රහාර

Monday, 27 June 2016 - 15:12

%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අප්‍රිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මැඩගස්කර්  දූපත් රාජ්‍යයේ ඊයේ පැවැති නිදහස් සැමරුම් උළෙලේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 80 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

අන්තන්නාරියෝ අගනුවර ප්‍රධාන ක්‍රීඩාංගණයේ ඊයේ පැවැත්වුණේ මැඩගස්කරය, ප්‍රංශයෙන් නිදහස ලබා 56 වන වසර සැමරීමේ උත්සවයයි.

එහි පැවති නිදහස් සමරු සංදර්ශනය අතරතුර බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, මැඩගස්කර් ජනාධිපතිවරයා එය හැදින්වූයේ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories