බ්‍රිතාන්‍ය ජනමත විචාරණයෙන් හිලරි ක්ලින්ටන්ට පාඩමක්

Tuesday, 28 June 2016 - 14:07

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමට තීරණය කළ ජනමත විචාරණයට පෙර දින තුනෙන් දෙකක් ඇමරිකානුවන් බලාපොරොත්තු වූයේ එහි විරුද්ධ ප්‍රතිඵලයයි.

එහෙත් කිසිවෙකු නොසිතූ ලෙසින් බහුතර බ්‍රිතාන්‍යවාසීන් යුරෝපා සංගමයෙන් වෙන්වීමට ඡන්දය ප්‍රකාශ කළා.

ඒ ආකාරයෙන්ම ජාතිකවාදීන්, හුදෙකලා වූ කණ්ඩායම් සහ ජනප්‍රිය අදහස්වලින් පොළඹවනු ලැබූ කණ්ඩායම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධුරයට පත් කළ හැකි බවට හිලරි ක්ලින්ටන් කණ්ඩායමට බියක් ඇති වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි ඇමරිකානු වාර්තා සදහන් කළේ.

කෙසේ නමුත්, ජනමත විචාරණයෙන් පසු බ්‍රිතාන්‍යයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඇමරිකානුවන් එවැනි විප්ලවකාරී තීරණයකට එළඹේ ද යන්න සැක සහිත බවයි ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories