ඇඟිල්ලෙන් ඇන්න පවිත්‍රාට අධිකරණයෙන් දැඩි අවවාද

Tuesday, 28 June 2016 - 14:16

%E0%B6%87%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල අද තරයේ අවවාද කළා.

ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේදී නීතිඥවරයෙකුට ඇගිල්ලෙන් ඇන උපදෙස් ලබාදෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි.

බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බවට පවසමින් මන්ත්‍රීවරිය ප්‍රසන්න ගාර්දි පුංචිහේවා නැමැති අයට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ල අද කැදවනු ලැබුවා.

පැමිණිල්ල විභාග වන අතරතුර මන්ත්‍රීවරිය විටින් විට තම නීතීඥයාට ඇඟිල්ලකින් ඇන උපදෙස් දෙන ආකාරය විනිසුරුවරිය නිරීක්ෂණය කළා.

අනතුරුව විනිසුරු අරුණි ආටිගල මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ නීතිඥවරියක ලෙස ද කටයුතු කළ ඇය අධිකරණයේ හැසිරෙන ආකාරය පිළිබඳව නොදන්නේ ද යනුවෙන්.

තම නීතීඥවරයාට උපදෙස් දීමට අවශ්‍ය නම් අධිකරණයෙන් පිටතට ගොස් එම කටයුත්ත සිදු කරන ලෙස ද ඇය මෙහිදී පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියට දැනුම් දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories