බැසිල්ගෙන් පක්ෂයක් නැහැ - විමල්

Tuesday, 28 June 2016 - 14:37

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂයක් බිහි නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දේශපාලන පක්ෂයක් බිහි වන්නේ නම්, ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් බවයි.

මෙහිදී මහබැංකුවේ සිදුවූ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් විගනකාධිපතිවරයා සිදුකළ විමර්ශනයේ වාර්තාව ඉදිරියේදී කෝප් කමිටුව වෙත ලැබීමට නියමිත බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව තීරණයක් ගනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සදහන් කළා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories