කඹුරුපිටියේදී ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරලී රියදුරු රෝහලේ

Wednesday, 29 June 2016 - 10:08

%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කඹුරුපිටිය - ලේනබටුවවැව අසලදී ගල් පැටවූ ටිපර් රථයක් ඊයේ පස්වරුවේ අඩි 60 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එහි රියදුරු තුවාල ලබා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අකුරැස්ස - බංගම මාර්ගයේ සංවර්ධන කටයුතු සදහා තංගල්ලේ සිට පැමිණි ටිපර් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මාර්ගයේ පටු ප්‍රදේශයකදී බස් රථයකට ඉඩ ලබාදීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් මාර්ගය අසල තිබූ දුරකථන රැහැන් පද්ධතියකට ද හානි සිදුවී ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories