තුර්කියට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ඇමරිකාව හෙළා දකී

Wednesday, 29 June 2016 - 11:16

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
තුර්කියේ - අටාටුක්් ජාත්‍යන්තර ගුවන්තොටුපලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හෙළා දකින බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර ප්‍රකාශක ජෝෂ් අර්නස්ට් ප්‍රකාශ කර ඇත්තේ තුර්කියට තමන් මේ අවස්ථාවේ සෑම සහයක්ම ලබාදෙන බවයි.

එමෙන්ම, සාමය අගයන ලොව සෑම රාජ්‍යයක්්ම තුර්කිය වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අටාටුක් ජාත්‍යන්තර ගුවන්තොටුපල ලොව කාර්ය බහුලම ගුවන්තොටුපලක් ලෙස සැලකෙන අතර මෙම ප්‍රහාරය බ්‍රසල්ස් ගුවන්තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා සම කළ හැකි බවයි ඇමරිකානු  ධවල මන්දිර ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories