ජනපති සහ අගමැති මහ බැංකුවට

Wednesday, 29 June 2016 - 15:59

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ කොළඹ - කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණියා.

අනතුරුව ඔවුන් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම අවස්ථාවට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කරුණු විමසූ බවයි සාකච්ඡාවට එක්වු මහ බැංකුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, අද පෙරවරුවේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ අද උදෑසන පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි පැය කිහිපය ඇතුළත මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කරන බවයි.

එමෙන්ම, මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පැවැත් වූ පරීක්ෂණයේ වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් අද පස්වරුවේ කතානායකවරයාට සහ කෝප් කමිටුවට භාරදුන්නා.

පිටු 1251 කින් යුත් එම වාර්තාව පිළිගැනීමට කෝප් කමිටු සාමාජිකයින් එහිදී තීරණය කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories