හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

Thursday, 30 June 2016 - 10:55

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
සතොසේ සේවකයන් පිරිසක් නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා එල්ලවූ හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ තුන්දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළා.  

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම පවරා ඇති නඩු පහෙන් එක් නඩුවක් සඳහා එක් අයෙකුට රුපියල් 50 000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මොවුන් නිදහස් කර ඇත්තේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව මෙලෙස ඇප නියමවූ අනෙක් දෙදෙනා වන්නේ  සතොසේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ මොහොමඩ් සාෆීරුයි.

2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සතොසේ සේවකයන් 150 දෙනෙකු දේශපාලන කටයුතුවල යෙදවීම නිසා රුපියල් කෝටි හතරක පාඩුවක්  රජයට සිදුකළ බව පවසමින් අල්ලස් කොමිසම මොවුන්ට එරෙහිව නඩු පහක් පවරා තිබුණා.

අද දිනයේදී විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ තුන්දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම නඩුව ඔක්තෝම්බර් 27 වනදා යළි කැඳවනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories