මහ බැංකු අධිපති ධුරයට නම් දෙකක්

Thursday, 30 June 2016 - 13:28

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා සඳහා නම් දෙකක් පිළිබඳ අවසන් වශයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ වනවිට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව ඉන් එක් පුද්ගලයෙකු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර, අනෙක් පුද්ගලයා මූල්‍ය ක්‍ෂේත්‍රයේ මහාචාර්යවරයෙකු බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව අවසන් වශයෙන් ප්‍රකාශ වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමතිවරයා ඇතුලූ රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු අතර පවත්වන අවසන් සාකච්ඡාවකින් අනතුරුවයි.

ඊයේ පස්වරුවේත්, අද පෙරවරුවේත් රජයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් මේ සම්බන්ධයෙන් පැවති බවද සඳහන්.

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ධුර කාලය අදින් අවසන් වන අතර, බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් කමිටු විමර්ශනය අවසන් වනතුරු යළි ධුර කාලයේ දිගුවක් භාර නොගන්නා බව ඔහු මීට පෙර ප්‍රකාශ කළා.

ඊයේ ගිරාදුරු කෝට්ටේ පැවති ජන හමුවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේ නව මහබැංකු අධිපතිවරයෙකු පත් කිරීමට තමන් තීරණය කර ඇති බවයි. මහ බැංකු මූලස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

මේ දක්වා පැවති අභ්‍යන්තර සාකච්ඡාවලදී නව මහ බැංකු අධිපතිවරයා වසරක කාලයක් සඳහා පත් කරන්නේද එසේ නොමැතිනම් වසර හයක පූර්න ධුර කාලය සඳහා පත් කරන්නේද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories