හිරු 18 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී පිරිත් පිංකම අද කැළණි පුද බිමේදී

Thursday, 30 June 2016 - 18:03

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+18+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
හිරු එෆ්.එම්. හි අභිමානවත් 18 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරෙන සුවිශේෂී පිරිත් පිංකම අද ඵෙතිහාසික කැළණිය රජමහා විහාරයේදී පැවැත්වෙනවා. ඒ, තවත් කල්පයකට ස්වභාවික විපත් සිදුනොවී, රටට සහ රටවැසියන්ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමින්.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පහන් සංකල්පයක් පරිදි සංවිධාන කෙරෙන මෙම උත්තරීතර පිංකම ජාති, ආගම් භේදයකින් තොරව ලක්වාසී සැමට සහභාගි විය හැකි පිංකටයුත්තක්.

හිරුගේ අභිමානවත් 18 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරෙන මෙම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සමස්ත ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී යන ආකාරයෙන් පවත්වන්නටද සියලූ කටයුතු සූදානම්.

ඒ අනුව අටමස්ථාන, සොලොස්මස්ථාන විහාරවාසී මහා සංඝරත්නය ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන දහයක් කේන්ද්‍ර කරගෙන මෙම කටයුත්ත සිදුවනවා.

ඒ, තවත් වෙහෙර විහාර රැසක දායකත්වයද සමඟින්. මෙහිදී පිරිත් විකාශය කෙරෙන වෙහෙර විහාර අතර කොළඹ - බෝධිරාජ විහාරය, ගම්පහ - මැදගම සිරි සුනන්දාරාමය, කළුතර බෝධීන් වහන්සේ, මාතර බෝධීන් වහන්සේ සහ අනුරාධපුර - බෞද්ධායතන විහාරයද වනවා.

එසේම කුරුණෑගල - ඇත්කඳ රජමහා විහාරය, නුවරඑළිය - බෞද්ධ මධ්‍යස්ථානය, කතරගම - කිරිවෙහෙර, පොලොන්නරුව - බෝධිමලූ විහාරය සහ රත්නපුර - ශ්‍රී ඥානසීහ තපෝවන විහාරය හිරුගේ මේ මහා පිංකටයුත්තට සම්බන්ධයි.

අද රැය පහන්වනතුරු රේඩියෝවක් තිබෙන සෑම නිවසකම රටට සහ ඔබට සෙත්පතා සිදුකෙරෙන මෙම පිරිත් සඡ්ඡායනය විකාශය කෙරෙන බව හිරුගේ ඒකායන විශ්වාසයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories