මවගේ විදේශ ගමනෙන් පාසැල් යන දියණියට වු අභාග්‍ය

Friday, 01 July 2016 - 9:09

%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA
පාසැල් සිසුවියක් පැහැරගෙන ගොස් දුෂණය කල තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මහවැව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙක් වන අතර ඔහු ධීවර කර්මාන්තයේ නිරතව සිටි බවටයි හෙළිවී ඇත්තේ.

දුෂණයට ලක්වු දැරියගේ පියා හලාවත පොලිසියට කල පැමිණීල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි දැරිය 10 වසරේ ඉගෙනුම ලබන බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මව විදේශගතවී ඇති අතර දැරිය හැදී වැඩී ඇත්තේ පියා භාරයේයි.

පසුගිය අප්‍රේල් මස 12 වනදා සිට දියණිය නිවසින් අතුරුදන්වී ඇති අතර පියා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර නැහැ.

විදේශගතව සිට පැමිණි මව දියණිය සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගන්නා ලෙසට බල කිරීම හේතුවෙනුයි දැරියගේ පියා සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව දැරිය පැහැරගෙන ගොස් දුෂණය කල බව කියන සැකකරු සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

දැරිය සඳහන් කර ඇත්තේ සැකකරු තමන් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රේල් 12 වනදා සවස ඔහු තමා කැඳවාගෙන ගිය බවයි.

දින දෙකක් සැකකරුගේ නිවසේ සිට අප්‍රේල් 15 වනදා කරුවලගස්වැව ප්‍රදේශයේ පෙම්වතාගේ ඥාති නිවසක සිටි බව ද දැරිය ප්‍රකාශකර තිබෙනවා.

මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු හලාවත දිනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories