හෝමාගම අවන්හලට පැන පහරදුන් උප සභාපති අත්අඩංගුවට

Friday, 01 July 2016 - 12:23

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෝමාගම - ගොඩගම ප්‍රදේශයේ අවන්හලකට කඩා වැදී පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඉන්දික කෝරලගේ අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ අදාළ පහරදීමෙන් ව්‍යාපාරිකයෙකු වන වජිර අසේල කළුබෝවිල නැමැත්තා බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හිටපු උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories