Update : ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මුදාගනී

Saturday, 02 July 2016 - 8:20

Update+%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත්‍රික කලාපයේ අවන්හලකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගැනුණු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඇතුළු ප්‍රාණ ඇපකරුවන් 12 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

ඔවුන් මේ වන විට ඩකා නුවර හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.

ඩකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් ඔවුන් බැලීමට ගොස් ඇති අතර ශ්‍රී ලාංකික යුවළගේ තත්ත්වය යහපත් බව සදහන් කළා.

අයි.එස්. සංවිධානය වගකීම භාර ගත් මෙම ප්‍රහාරය සඳහා සන්නද්ධ පුද්ගලයන් 9 දෙනෙකු පමණ පැමිණ ඇති අතර ඔවුන්, ප්‍රාණ ඇපකරුවන් ලෙස 20 දෙනෙකු රදවා ගනු ලැබුවා.

බංග්ලාදේශ කොමාන්ඩෝ භටයන් අද උදෑසන එම අවන්හලට කඩා වැදුණේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමටයි.

Update : Saturday, July 2, 2016 9.40
---------------------------------------------
බංග්ලාදේශයේ ඩකා නුවර ගුල්ෂාන් ප්‍රදේශයේ අවන්හලකට කඩා වැදී සන්නද්ධ කණ්ඩායමක් විසින් රදවා ගත් ප්‍රාණ ඇපකරුවන් අතර සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා අඹු - සැමි යුවලක් බව විශ්වාස කෙරෙනවා.

ඩකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාවක සදහන් කළේ බංග්ලාදේශයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෙකු සහ ඔහුගේ බිරිඳ මෙලෙස ප්‍රාණ ඇපයට ගනු ලැබූ පුද්ගලයන් අතර සිටින්නේ යැයි තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ නමුත් ඔවුන් පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර, බංග්ලාදේශ ආරක්ෂක හමුදා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා එම අවන්හලට කඩා වැදීම ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories