නව මහබැංකු අධිපති ජනපති හමුවෙයි

Saturday, 02 July 2016 - 13:58

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස නම් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.

ජනාධිපති නිල නිවසේදී එම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට තීරණය කළ අතර අදාළ පත්වීම ලබන සදුදා සිදුකෙරෙනු ඇති.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු නව අධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳ පසුගියදින කිහිපය තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර පුරප්පාඩු වූ එම ධුරය සඳහා ආර්ථික විශේෂඥයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කරනු ලැබුවා.

ඒ, අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

මෙරට 14 වන මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ එංගලන්තයේ හරෝව් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා තිබෙනවා.

එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ඔහු තම ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන්.

1973 වසරේ සිට 1989 තෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ හා සංඛ්‍යාන අංශයේ සහ අධීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ද වසර 18 ක කාලයක් අධ්‍යක්ෂ ධුර ඇතුළු නිලතල කිහිපයක් හොබවා තිබෙනවා.

වර්තමානයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ආර්ථික විශේෂඥයෙක් සහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වන රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සහෝදරයෙක්ද වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories