පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

Sunday, 03 July 2016 - 11:26

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව ආරම්භ කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුකිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්.

බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලබන බදාදා දක්වා කල් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම සාකච්ඡාවේදී බස් සංගම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ලබන බදාදා අදාළ සංශෝධන කිරීම් සිදුකරනු ඇති බවයි පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේ.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ සාකච්ඡාව සාර්ථක බවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ද ජනාධිපතිවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ බස් ගාස්තු සංශෝධනය කළ යුතු බව ජනාධිපතිවරයා පිළිගැනීමත් සමඟ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories