ඉන්දියාවට මෙරට මුහුදේ සීමිත බලපත්‍ර දීම ගැන සාකච්ඡා

Sunday, 03 July 2016 - 12:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූවට විසඳුමක් ලෙස තමිල්නාඩුවේ ට්‍රෝලර් යාත්‍රා සීමිත සංඛ්‍යාවකට මෙරට මුහුදු තීරයේ මසුන් මැරීම සදහා බලපත්‍ර නිකුත් කිරීම පිළිබදව රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

මේ වනවිට වරෙකට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරත වන ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 2000 ත් 3000 ත් අතර වන බවයි විශ්වාස කෙරෙන්නේ.

සීමිත බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කිරීමෙන් එම ට්‍රෝලර් යාත්‍රා සංඛ්‍යාව 250 කට පමණ සීමා කළ හැකි බව ඉදිරිපත් වී ඇති අදහසක්.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලට සීමිත බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ද සදහන් කළා.

කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ.

මෙරට මුහුදු තීරයේ මසුන් මැරීම සදහා නීත්‍යානුකූලව බලපත්‍ර නිකුත් කිරීම ඉන්දියාව දිගින් දිගටම ඉදිරිපත් කළ ඉල්ලීමක්.

කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් මෙරට ධීවර ප්‍රජාව වෙතින් සුබවාදී ප්‍රතිචාරයක් පළ වී නැහැ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එවැනි තීරණයකට එළඹෙන්නේ නම් අනිවාර්යයෙන්ම මෙරට ධීවර ප්‍රජාව සමග ඒ පිළිබද සාකච්ඡා කරන බවයි.

මේ අතර, මෙරට මුහුුදු තීරයේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවරයන් නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි දී ඊයේ ධීවර විරෝධතාවක් පැවැත්වුණා.

වේලමුරුගන්ගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ පක්ෂයයි එය සංවිධාන කර තිබුණේ. පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් මැරීම ඉන්දීය ධීවරයන්ගේ පාරම්පරික අයිතියක් ලෙස හැදින්වූ ඔවුන් ඉන්දීය ධීවර ප්‍රජාව ආරක්ෂා කිරීමට ඉන්දීය මධ්‍යම රජය අසමත්වී ඇති බවට චෝදනා නැගුවා.

පසුගිය මැයි 31 වනදා තමිල්නාඩුවේ ධීවර සමය ආරම්භ වීමෙන් පසු මේ වනවිට ඉන්දීය ධීවරයන් 24 දෙනෙකු ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කිරීම නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට භාරයේ ඉන්දීය ධීවර බෝට්ටු 90 කට වැඩි සංඛ්‍යාවක් රදවාගෙන ඇති බවයි තමිල්නාඩු ධීවර සංගම් කියා සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories